Sunday, January 17, 2021

Night Crawler

In the dead of night,

Like an unrest soul,

Cursed all eternity,

When many in asleep,

Comfort in a bed.

The night is still young.

Dreams keep us awake.

Promises to keep.

Journey of life

 I read once a wise man had said

"Once you have travel, the voyage never ends, the mind can never break off from the journey".

Yes, we travel to fill the void between life and death with numerous wonderful moments.
To see mountains wear clothes of mist.
To find out the gate of heaven at the end of a waterfall rainbow.
To hear the silent stories jungles murmur.
To find out who is really behind the mask we wear

Sunday, October 28, 2018

ලස්සන Photo වලින් සල්ලි හොයන හැටි.

අද කාලේ ඕනි කෙනෙක් ආසයි ලස්සනට ෆොටෝ එකක් ගන්න. හැබැයි ගොඩක් අය Photography කියන එක තමන්ට අදායම් මාර්ගයක් විදියට කරන්න අදහසක් නෑ. සමහරක් විට අප ගන්න ෆොටෝස් වල අලෙවි කරන්න තරම් වටිනා photos තියෙන්න පුළුවන්. නමුත් ඒවා අලෙවි කරන්න තැනක් කෝ? ඔයාලගේ ඒ ප්‍රශ්නය විසදන එක තමා අද මගේ මේ බ්ලොග් එකෙ බලාපොරොත්තුව.

මේ පහසුකම් ලබා දීල තියෙන website එකේ නම තම  Shutterstock මේක ලෝක ප්‍රසිද්ද site එකක්. මේක හරහා කරන්නේ content ලියන අයට තමන්ට අවශ්‍ය ෆොටෝස් පහසුවෙන් මිලදීගන්න සහ ලස්සන ෆොටෝස් තියෙන අයට ඒවා විකුනන්න අවස්ථාව ලබා දෙන එක. මේකේ දාන ෆොටෝ එකක් ලෝක ප්‍රසිද්ද media එකක් යන්න අවස්ථාව නැත්තෙමේ නෑ ;)  එතින් කොහොමද මේක කරන්නේ?

මුලින්ම https://submit.shutterstock.com/?ref=192534144 ඔන්න ඔය ලින්ක් එකෙන් account එකක් හදාගන්න. මේක හදාගත්තට පස්සේ ඕක verify කරන්න ඕනි අපේ හැදුනුම්පතක ෆොටෝ එකක් බාවිතා කරලා. ( මම නම් මගේ passport එක තම upload කලේ) ඔයාව verify කරලා ඔයාට email එකක් ඒවි. ඔය අතරතුර උනත් ඔයාට පුළුවන් ඔයාගේ ලස්සන ෆොටෝ site එකට upload කරන්න. වැඩිපුර ෆොටෝ upload කරන තරමට ඒවා sell වෙන හැකියාව වැඩියි. මේකෙන් සල්ලි ගන්නනම් අඩුම $35 තියෙන්න ඕනි. සල්ලි අපට paypal, skrill  වගේ payment method ගොඩකින් ගන්න පුළුවන්. skrill එකෙන් ලංකාවේ EzCash වලට සල්ලි ගන්න පුළුවන් නිසා මමනම් හිතන්නේ එක තම ලාබම සල්ලි ගන්න පුළුවන් විදිය.

ඔයාල මේ article එකේ තියෙන දේවල් ගැන ප්‍රශ්නයක් තිබ්බොත් පල්ලෙහායින් comment එකක් දන්නා.

Friday, September 14, 2018

ඔබගේ ලිවීමේ හැකියාවෙන් මුදල් උපයන්න. Obage liwime hakiyawen mudal upayanna.

ලංකාවේ ගොඩක් ඉන්නවා නිර්මාණශීලි අදහස් තියෙන අය. ලස්සනට අදහසක් සම්ප්‍රේෂණය කරන්න පුළුවන් අය. මේ අය ගොඩක් කරන්නේ විනෝදාංශයක් විදියට ලියන එකයි. ගොඩක් වෙලාවට ඔවුන්ගේ අදහස් ළඟාවෙන්නේ ඒ අය අවට අයට විතරයි.

දැන් ඔයාලට පුළුවන් ඔයාලගේ නිර්මාණශීලි හැකියාව පාවිච්චි කරලා මුදල් උපයන්න ලේසි ක්‍රමයක් තියෙනවා. සමහරක්විට ඔයාලා අහලත් ඇති Amazon කියල company එකක් ගැන. මේක company එකේ තියෙනවා self -publishing කියල ලිවීමේ හැකියාව තියෙන අයට පොත් ලියල ජාත්‍යන්තර ප්‍රේක්ෂක සමාජයට ලියන්න ඉඩකඩ දීල තියෙනවා. ඔයාලට වැඩි විස්තර පහල ලින්ක් එකෙන් බලාගන්න පුළුවන්.


මෙහෙමයි මම දන්නා තරමට මේකේ තියෙන්නේ English පොත් තමයි. English වලින් හොඳ පොතක් ලියල Amazon එකට දැම්මොත් ඔයාලට පොත විකිනෙන වාරයක් පාසා මුදල් හම්බ වෙනවා. හොඳට පොතක ලියන්න පුළුවන් නම් අනිවා මේක උත්සහ කරලා බලන්න.

Wednesday, January 31, 2018

ගෙන්දගාම් පොලවේ දිනක්

ඇය සිඟමන් නොයැදුවේය,
සිගණියකට වඩා කෘෂ වූ සීරුරති නමුදු
ඇය කපුරු විකුණුවේය
අත්මාගිමානය රැක ගත්
ඇය සිඟමන් නොයැදුවේය
දිනක ඈ කාට හෝ දියණියක් වන්නට ඇත
දිනක ඈ කාගේ හෝ සිහින කුමරියක්  වන්නට ඇත
දිනක ඈ සිහින පොදී බදින්නට ඇත
දිනක ඇය සිඟිත්තකු නලවන්නට  ඇත
දිනක ඇයට කොහේ හෝ මග වරදින්නට ඇත
සිය දහසක් සරන නගරයක අද තනිවී
ගෙන්දගම් පොලව මත අද සටනක මුත්
සුන්දර සිනාවක පහස තවම
අමතක නැති පාටයි

Tuesday, October 17, 2017

Angels and Demons

When I was a child I believed in Angels.
Shining creatures with wonderful wings,
Fighting the ugly Evil monsters.
But when I grow up
I still believe in Angels,
But ..., But I was wrong,
Not every angel is fancy,
Many of them have ugly faces
with full of scares.
broken, fallen, wounded
In the battles, they fought against Evil.
In first glance, you might despise them.
But what about demons?
I have a question for you too.
Did you know Lucifer aka The Devil,
Used to be The God's Favorite Angel?
Ahh, you didn't know?
Ohh My friend
I suggest you Listen
To the whisper of the Darkness,
The Songs of the moon,
The touch of Cold night wind,
a bit more closely.
It has a story to say

Wednesday, March 15, 2017

Sayuru Theraka, Sanda kiranaka atharamanwa

පසළොස්වක දාට මුහුදත් සිල් අරන් වගෙයි,
සඳ කිරණෙන් ගොතපු සිල් රෙද්ද
අනන්තයට යනකම් පොරව ගත්තම 
සිත නිවෙන චාම් ලස්සනක් 
නොදැනීම හිතට කාන්දු වෙනවා.
හාමුදුරුවන්ගේ බණ ඉස්මුදුනින්ම පිළිගත් නිසාදෝ,
වෙරළ එක්කල රණ්ඩු අල්ලන එකත් නවත්තලා
අද හරි තැන්පත් පාටයි

Friday, December 2, 2016

judge

I'm not good,
Just remember
How is it felt,
I'm not kind,
Just remember
It was cold and dark
And Nobody came.
I survived,
I wish you too.
But it cold and dark
No lights arounds

Thursday, November 3, 2016

හලොඕ - මරණය මිමිණුවේ

කඳුකරයට වේලාසනින් අඳුර කැන්දන්නයි මිහිදුමේ වැයම,
කිරිගල්පොත්ත තරණයෙන් පසු පට්ටිපොළට පැමිණි අපට
ආපසූ යාමට දුම්රියට කල් වැඩි විණි.
තවත් කොහේ හෝ ගොස් ඒමට යෝජනා ආබැවින්
Mini Rail hike එකක්‌ යැමට තිරණය විය.

No 18 බිං ගෙය වෙත ළඟා වන විට,
ගොම්මන් අඳුර තනියට පාලු කපන්නට එබිකම් කළේය.
දුරකතන ආලෝකයෙන් බිං ගෙයි  අඳුර මකන්නට
පොර බදිමින් අප එයට ඇතුල් විය.
දිය බිංදු දොවනයෙන් හා වැහි කුරුළු පිහිටෙන්
rail පිලි ලිස්සන සුළු නිසා සෙමින් අප
බිං ගෙය මැදට පමණ ළඟා විය.
හදිසියෙම
"කෝච්චියක් එනවෝ !!!"

Everyone panicked,
Everything suddenly went dark,
Like the moment before the curtains open on stage,
Light on but this time from behind,
I and the crippled dog was alone,
on the rails,
When you looked behind,
A thousand kilos weighted stallion was rushing towards you.
It was that few second of moment,
Where we feel like time froze.
Death or alive ?
I heard someone scream my name,
And I jumped there,
Faced towards the train,
watching it passed by.
With nameless feelings in mind.

Yes finally all of us went out,
also the three dogs,
who were with us whole the rail hike.
Nobody was injured but,
covered with ashes.

It was not an adventure park fun,
Where you were assured to be safe,
It was a moment of conflict and survival,
One second mistake will
Send you home in a grocery bag.
It was moment of yourself,
There was no drama,
We became who we are

Yes that may hurt somebody's hair,
A tight catch or slippery ashes may not nice,
But in the end of the day,
We were happy about our batch,
In the moment of need,
We took care each other.
Also girls you may not heard from them,
Boys were impressed about your reactions.

The night mail came,
Took us from that place,
That we may not forget till death.



Thursday, October 13, 2016

The Untold

I always love to be there.
Front of the house at night. 
When no light disturb my presence 
Watching stars over trees
When the wind heals the soul,

Sometimes, sometimes I missed someone.
Some stupid things we did,
Rewrite a better history
Listen to the secrets that wind murmur

Saturday, January 9, 2016

වැහි අඳුරක අතරමංව

පුස්තකාලයට ඉහලින් වැහි අඳුරක් ඇදිලා,
වැහි බින්දු ඇතුලට පනින්න තරඟයක,
එත් වැහි බින්දු දන්නේ නෑ,
වායුවක පාටින් වීදුරුවක් එරෙහි වෙලා කියලා,
දහසක් වැහි බින්දු මග වැරදිලා,
වීදුරුවේ හැපිලා විනාස වෙනවා දැකලද මන්දා
කොට්ටම්බා ගහ සුළඟත් එක්ක පොර අල්ලනවා
‪#‎Life‬

Monday, December 7, 2015

පුන් සඳට පෙම් බැඳ

පුන් සඳට පෙම් බැඳ,
කවි පද ගලපන්නට,
පන්හිඳ සුරතේ රැඳුනු කල,
ආත්මයම පහන් කල,
සත් ස්වරය මගේ නොවන බව
සිහි කලා අනන්ත තරු රෑන

Saturday, December 5, 2015

සමුගැනීම ?

"ආපසු හමුවෙමු." ඔහු පැවසුවේය
වදනින් නොපැවසු දෙයක් දෙනෙතින් දුටු බැවින්
එබී බැලුවෙමි දෙනෙතින්, හදවතට.
වෙන්වයමේ දුකක්දෝ හද අග රැදී ඇත
අවසාන සෙමෙස්තරයේ, අවසාන දින කිහිපය
නොදැනීම ගලායයි, සෙමෙන්
දිවයිනේ සතර දිග් බාගයෙන් පැමිණි අප
ලබැදි පවුලක් උයේය UCSC තුල
විටෙක අප නොදැන සිටින්නට ඇත
ඒදින අප හමු වුයේ අවසන් වතාවට බව,
මේ ජිවිතයටම.

I just wanted one wish, that I was a good memory to you.
When you remembered me, you get a smile.
So when I leave this world, I can leave with happiness
thinking "I was a good man smile emoticon "

Thursday, November 26, 2015

සඳ සහ ඔබ

ගනදුරු අහසට පාලු කපන්නට
තරු කැල සමගින් නැගෙන පුරා සඳ
මනසෙහි මවනා ආශ්වාදය,
සිනා මලින් හැඩ සුදුවන් ඇගේ මුවත 
සරසන්නට කළු මිණිවන් නෙතගට 
වශී වූ විට දැනෙන චමත්කරයමදෝ
විටෙක සිතෙයි මට

මතකයන්

ජිවිතයේ යම් දිනක
විඩාවක් දැනුනු විට
හිනැහි බලන්නම්

අපගේ සොඳුරු මතකයන් දිහා
අපෙම ගොන්කම් දිහා
හැර ගියද සරසවිය
දිනක එන්නම් ආපහු බලන්නට
අපේම සොඳුරු මතකයන්
රැඳුනු එ අහුමුලු දිහා

UCSC අපි

ජෙනුයින් මොටද බන් ක්‍රැක් එව්වා තියෙන කොට,
ස්කයිප් මොටද වින් 8 තියෙනකොට,
හාඩ් ඩ්‍රයිව් මොටද බන් ජි ඩ්‍රයිව් තියෙනකොට,
ඉන්ටනේට් මොටද බන් එලෙව්වත් යුනියෙන් නොයන මට

ජුන්නා සහ අපි

ජුන්නේක් එයි බලන්න පැත්තට පච බංකු
දැක උ මාව මාරු වෙයි වී ගිනි පත්තු
කවුරුත් නැති වෙලාවට තහනම් දේ කරනා යක්කු
එලෙව්වත් UCSCන් නොයන අප දැක වී තක්කු

ලබැදි සැමරුම් හලේ අවසන් දින

දඩ දඩ හඩින් කුරිරු යන්ත්‍රය,
අමානුශික ලෙස
බිඳ දමයි සවන් හලේ බිත්ති පෙල
සිත් පිත් නොමැති ලෙස බලා සිටියෙමි
නුපුරුදු හැඟුමක් හද තෙරපන විට
යුනියේ පලමු දින,
ලේ දුන් පලමු දින,
තවත් මතකයන් පෙලක්
සිහිකරයි සොඳුරු අතිතය
අන්න අතන
ඇයට ආදරය කිව් තැන,
අන්න අතන
ඇය හා රැගුම් පෑ තැන,
‍යටවි ඇත සුන්බුන් රැසකට
ආදරය, විරහව,
කඳුල, සිනහව,
විරයො, විහිලුකාරයො,
කතා ගොඩක රඟන යුරු බලා හිඳ
‍යනවාද නොකියාම
වි.කේ. අණුස්මරන සවන්හල.

අප නැතිදා සරසවිය

7 කණිසමට 1st floor එක අදුරු වෙලා 
සිනහා කතාවන් අද ඇත නිහඩ වෙලා 
සොඳුරු මතකයන් දහසක් අවදි වෙලා 
බොදවෙන ඇස් මගේ ඇත පාලුවෙන් වෙලා

සමු ගැනීම

කැප දැමු ගොයමට උඩින්
ඇගේ හුස්ම අනන්තයට පාවී ගොසින්
කදුලක් නොපෙනෙන ලෙසට තදින්
බලා සිටියි ඔහු දෑස් අයා
ක්සිතිජ කොනේ වැහි අදුරක්
සේයා මවයි අහස පුරා
සංසාරේ කියා දෙමින්
සුදු අම්ම යන්න ගොසින්
Nobody said that we will win,
But we never stop fighting