Friday, September 14, 2018

ඔබගේ ලිවීමේ හැකියාවෙන් මුදල් උපයන්න. Obage liwime hakiyawen mudal upayanna.

ලංකාවේ ගොඩක් ඉන්නවා නිර්මාණශීලි අදහස් තියෙන අය. ලස්සනට අදහසක් සම්ප්‍රේෂණය කරන්න පුළුවන් අය. මේ අය ගොඩක් කරන්නේ විනෝදාංශයක් විදියට ලියන එකයි. ගොඩක් වෙලාවට ඔවුන්ගේ අදහස් ළඟාවෙන්නේ ඒ අය අවට අයට විතරයි.

දැන් ඔයාලට පුළුවන් ඔයාලගේ නිර්මාණශීලි හැකියාව පාවිච්චි කරලා මුදල් උපයන්න ලේසි ක්‍රමයක් තියෙනවා. සමහරක්විට ඔයාලා අහලත් ඇති Amazon කියල company එකක් ගැන. මේක company එකේ තියෙනවා self -publishing කියල ලිවීමේ හැකියාව තියෙන අයට පොත් ලියල ජාත්‍යන්තර ප්‍රේක්ෂක සමාජයට ලියන්න ඉඩකඩ දීල තියෙනවා. ඔයාලට වැඩි විස්තර පහල ලින්ක් එකෙන් බලාගන්න පුළුවන්.


මෙහෙමයි මම දන්නා තරමට මේකේ තියෙන්නේ English පොත් තමයි. English වලින් හොඳ පොතක් ලියල Amazon එකට දැම්මොත් ඔයාලට පොත විකිනෙන වාරයක් පාසා මුදල් හම්බ වෙනවා. හොඳට පොතක ලියන්න පුළුවන් නම් අනිවා මේක උත්සහ කරලා බලන්න.