Thursday, November 26, 2015

සඳ සහ ඔබ

ගනදුරු අහසට පාලු කපන්නට
තරු කැල සමගින් නැගෙන පුරා සඳ
මනසෙහි මවනා ආශ්වාදය,
සිනා මලින් හැඩ සුදුවන් ඇගේ මුවත 
සරසන්නට කළු මිණිවන් නෙතගට 
වශී වූ විට දැනෙන චමත්කරයමදෝ
විටෙක සිතෙයි මට

මතකයන්

ජිවිතයේ යම් දිනක
විඩාවක් දැනුනු විට
හිනැහි බලන්නම්

අපගේ සොඳුරු මතකයන් දිහා
අපෙම ගොන්කම් දිහා
හැර ගියද සරසවිය
දිනක එන්නම් ආපහු බලන්නට
අපේම සොඳුරු මතකයන්
රැඳුනු එ අහුමුලු දිහා

UCSC අපි

ජෙනුයින් මොටද බන් ක්‍රැක් එව්වා තියෙන කොට,
ස්කයිප් මොටද වින් 8 තියෙනකොට,
හාඩ් ඩ්‍රයිව් මොටද බන් ජි ඩ්‍රයිව් තියෙනකොට,
ඉන්ටනේට් මොටද බන් එලෙව්වත් යුනියෙන් නොයන මට

ජුන්නා සහ අපි

ජුන්නේක් එයි බලන්න පැත්තට පච බංකු
දැක උ මාව මාරු වෙයි වී ගිනි පත්තු
කවුරුත් නැති වෙලාවට තහනම් දේ කරනා යක්කු
එලෙව්වත් UCSCන් නොයන අප දැක වී තක්කු

ලබැදි සැමරුම් හලේ අවසන් දින

දඩ දඩ හඩින් කුරිරු යන්ත්‍රය,
අමානුශික ලෙස
බිඳ දමයි සවන් හලේ බිත්ති පෙල
සිත් පිත් නොමැති ලෙස බලා සිටියෙමි
නුපුරුදු හැඟුමක් හද තෙරපන විට
යුනියේ පලමු දින,
ලේ දුන් පලමු දින,
තවත් මතකයන් පෙලක්
සිහිකරයි සොඳුරු අතිතය
අන්න අතන
ඇයට ආදරය කිව් තැන,
අන්න අතන
ඇය හා රැගුම් පෑ තැන,
‍යටවි ඇත සුන්බුන් රැසකට
ආදරය, විරහව,
කඳුල, සිනහව,
විරයො, විහිලුකාරයො,
කතා ගොඩක රඟන යුරු බලා හිඳ
‍යනවාද නොකියාම
වි.කේ. අණුස්මරන සවන්හල.

අප නැතිදා සරසවිය

7 කණිසමට 1st floor එක අදුරු වෙලා 
සිනහා කතාවන් අද ඇත නිහඩ වෙලා 
සොඳුරු මතකයන් දහසක් අවදි වෙලා 
බොදවෙන ඇස් මගේ ඇත පාලුවෙන් වෙලා

සමු ගැනීම

කැප දැමු ගොයමට උඩින්
ඇගේ හුස්ම අනන්තයට පාවී ගොසින්
කදුලක් නොපෙනෙන ලෙසට තදින්
බලා සිටියි ඔහු දෑස් අයා
ක්සිතිජ කොනේ වැහි අදුරක්
සේයා මවයි අහස පුරා
සංසාරේ කියා දෙමින්
සුදු අම්ම යන්න ගොසින්
Nobody said that we will win,
But we never stop fighting