Wednesday, January 31, 2018

ගෙන්දගාම් පොලවේ දිනක්

ඇය සිඟමන් නොයැදුවේය,
සිගණියකට වඩා කෘෂ වූ සීරුරති නමුදු
ඇය කපුරු විකුණුවේය
අත්මාගිමානය රැක ගත්
ඇය සිඟමන් නොයැදුවේය
දිනක ඈ කාට හෝ දියණියක් වන්නට ඇත
දිනක ඈ කාගේ හෝ සිහින කුමරියක්  වන්නට ඇත
දිනක ඈ සිහින පොදී බදින්නට ඇත
දිනක ඇය සිඟිත්තකු නලවන්නට  ඇත
දිනක ඇයට කොහේ හෝ මග වරදින්නට ඇත
සිය දහසක් සරන නගරයක අද තනිවී
ගෙන්දගම් පොලව මත අද සටනක මුත්
සුන්දර සිනාවක පහස තවම
අමතක නැති පාටයි

No comments:

Post a Comment