Monday, December 7, 2015

පුන් සඳට පෙම් බැඳ

පුන් සඳට පෙම් බැඳ,
කවි පද ගලපන්නට,
පන්හිඳ සුරතේ රැඳුනු කල,
ආත්මයම පහන් කල,
සත් ස්වරය මගේ නොවන බව
සිහි කලා අනන්ත තරු රෑන

Saturday, December 5, 2015

සමුගැනීම ?

"ආපසු හමුවෙමු." ඔහු පැවසුවේය
වදනින් නොපැවසු දෙයක් දෙනෙතින් දුටු බැවින්
එබී බැලුවෙමි දෙනෙතින්, හදවතට.
වෙන්වයමේ දුකක්දෝ හද අග රැදී ඇත
අවසාන සෙමෙස්තරයේ, අවසාන දින කිහිපය
නොදැනීම ගලායයි, සෙමෙන්
දිවයිනේ සතර දිග් බාගයෙන් පැමිණි අප
ලබැදි පවුලක් උයේය UCSC තුල
විටෙක අප නොදැන සිටින්නට ඇත
ඒදින අප හමු වුයේ අවසන් වතාවට බව,
මේ ජිවිතයටම.

I just wanted one wish, that I was a good memory to you.
When you remembered me, you get a smile.
So when I leave this world, I can leave with happiness
thinking "I was a good man smile emoticon "