Thursday, November 26, 2015

ලබැදි සැමරුම් හලේ අවසන් දින

දඩ දඩ හඩින් කුරිරු යන්ත්‍රය,
අමානුශික ලෙස
බිඳ දමයි සවන් හලේ බිත්ති පෙල
සිත් පිත් නොමැති ලෙස බලා සිටියෙමි
නුපුරුදු හැඟුමක් හද තෙරපන විට
යුනියේ පලමු දින,
ලේ දුන් පලමු දින,
තවත් මතකයන් පෙලක්
සිහිකරයි සොඳුරු අතිතය
අන්න අතන
ඇයට ආදරය කිව් තැන,
අන්න අතන
ඇය හා රැගුම් පෑ තැන,
‍යටවි ඇත සුන්බුන් රැසකට
ආදරය, විරහව,
කඳුල, සිනහව,
විරයො, විහිලුකාරයො,
කතා ගොඩක රඟන යුරු බලා හිඳ
‍යනවාද නොකියාම
වි.කේ. අණුස්මරන සවන්හල.

No comments:

Post a Comment