Thursday, April 16, 2015

සරසවි මතක

හිරු දෙවියො තරහා වෙලදො,
අදුරු වලා පෙලකින් මුහුන වසාගෙන,
හැන්දැ ගොම්මනත්, වැසි සිතලත්,
එකතු වෙලා කලකට පසු,
මිතුරු ගී නදට අත් වැල් ඇල්ලු 
දැත් රිදුම් කැමට පටන් ගත් විගසම,
කෙලෙසද කිවමැන සිපගත් දැතට,
මංගල මල් කලඹක් දෙන්නේ,
එදා මගේ පෙම්වතියෙ,
අද ඔබ මනමාලිය වී
මගේම මිතුරගේ
කෙලෙසද මම මල් කලඹක් දෙන්නෙ ...
සිත පතුලේ අගුලු දැමු මතකයන්,
රැසක් අවිස්සි ගිහින්,
අමතක කලා සිතු මායාකාරි,
සිනහවෙන් සිත වසඟ කොට,
ආත්මය තුවාල කොට,
යන්නට ගොසින්
ඔහුගෙ උනුසුමේ සිට
තවමත් ඔච්චම් කරනවාදො,
අතරමන් උ ආත්මයට