Wednesday, March 15, 2017

Sayuru Theraka, Sanda kiranaka atharamanwa

පසළොස්වක දාට මුහුදත් සිල් අරන් වගෙයි,
සඳ කිරණෙන් ගොතපු සිල් රෙද්ද
අනන්තයට යනකම් පොරව ගත්තම 
සිත නිවෙන චාම් ලස්සනක් 
නොදැනීම හිතට කාන්දු වෙනවා.
හාමුදුරුවන්ගේ බණ ඉස්මුදුනින්ම පිළිගත් නිසාදෝ,
වෙරළ එක්කල රණ්ඩු අල්ලන එකත් නවත්තලා
අද හරි තැන්පත් පාටයි

No comments:

Post a Comment