Thursday, October 13, 2016

The Untold

I always love to be there.
Front of the house at night. 
When no light disturb my presence 
Watching stars over trees
When the wind heals the soul,

Sometimes, sometimes I missed someone.
Some stupid things we did,
Rewrite a better history
Listen to the secrets that wind murmur

Saturday, January 9, 2016

වැහි අඳුරක අතරමංව

පුස්තකාලයට ඉහලින් වැහි අඳුරක් ඇදිලා,
වැහි බින්දු ඇතුලට පනින්න තරඟයක,
එත් වැහි බින්දු දන්නේ නෑ,
වායුවක පාටින් වීදුරුවක් එරෙහි වෙලා කියලා,
දහසක් වැහි බින්දු මග වැරදිලා,
වීදුරුවේ හැපිලා විනාස වෙනවා දැකලද මන්දා
කොට්ටම්බා ගහ සුළඟත් එක්ක පොර අල්ලනවා
‪#‎Life‬

Monday, December 7, 2015

පුන් සඳට පෙම් බැඳ

පුන් සඳට පෙම් බැඳ,
කවි පද ගලපන්නට,
පන්හිඳ සුරතේ රැඳුනු කල,
ආත්මයම පහන් කල,
සත් ස්වරය මගේ නොවන බව
සිහි කලා අනන්ත තරු රෑන

Saturday, December 5, 2015

සමුගැනීම ?

"ආපසු හමුවෙමු." ඔහු පැවසුවේය
වදනින් නොපැවසු දෙයක් දෙනෙතින් දුටු බැවින්
එබී බැලුවෙමි දෙනෙතින්, හදවතට.
වෙන්වයමේ දුකක්දෝ හද අග රැදී ඇත
අවසාන සෙමෙස්තරයේ, අවසාන දින කිහිපය
නොදැනීම ගලායයි, සෙමෙන්
දිවයිනේ සතර දිග් බාගයෙන් පැමිණි අප
ලබැදි පවුලක් උයේය UCSC තුල
විටෙක අප නොදැන සිටින්නට ඇත
ඒදින අප හමු වුයේ අවසන් වතාවට බව,
මේ ජිවිතයටම.

I just wanted one wish, that I was a good memory to you.
When you remembered me, you get a smile.
So when I leave this world, I can leave with happiness
thinking "I was a good man smile emoticon "

Thursday, November 26, 2015

සඳ සහ ඔබ

ගනදුරු අහසට පාලු කපන්නට
තරු කැල සමගින් නැගෙන පුරා සඳ
මනසෙහි මවනා ආශ්වාදය,
සිනා මලින් හැඩ සුදුවන් ඇගේ මුවත 
සරසන්නට කළු මිණිවන් නෙතගට 
වශී වූ විට දැනෙන චමත්කරයමදෝ
විටෙක සිතෙයි මට

මතකයන්

ජිවිතයේ යම් දිනක
විඩාවක් දැනුනු විට
හිනැහි බලන්නම්

අපගේ සොඳුරු මතකයන් දිහා
අපෙම ගොන්කම් දිහා
හැර ගියද සරසවිය
දිනක එන්නම් ආපහු බලන්නට
අපේම සොඳුරු මතකයන්
රැඳුනු එ අහුමුලු දිහා

UCSC අපි

ජෙනුයින් මොටද බන් ක්‍රැක් එව්වා තියෙන කොට,
ස්කයිප් මොටද වින් 8 තියෙනකොට,
හාඩ් ඩ්‍රයිව් මොටද බන් ජි ඩ්‍රයිව් තියෙනකොට,
ඉන්ටනේට් මොටද බන් එලෙව්වත් යුනියෙන් නොයන මට